උපන් නැකතින් හෙළිවන පලාපල
ඔබ උපන් නැකතට අනුව ඔබගේ හෙළිවන චරිතය හා පලාපල බලන්න ඔබත් කැමති ඇති.
එමෙන්ම ඔබ උපන් නැකත තවම ඔබ නොදන්‍නේනම් ඔබගේ ඡම්ම පත්ත්‍රය බලා එය දැන ගන්න. එහි සටහන් කර ඇත. නැකත ගණය පාදය
සහ අනිකුත් දේ පිළිබදව.
එසේනම් ඔබගේ නැකතට අනුව විස්තර බලන්න.
01. අස්විද නැකත
මෙම නැකතින් උපත ලැබූ ඔබ ධන සම්පත් ලැබීමේ වාසනා ගුණය ඇත. දුටුවන් පිනවන රූපයක් ඇත. යහපත් කතා වවිලාශයක් ඇත. දේව භක්තියෙන් ඡීවත් වන නමුත් කිසිවකුට හින්සා කිරීමට අකමැතිය. වැඩිහිටියන්ට සලකන ඔබ ඉවසන සුලුගතිය ඇත ඔබගේ ගණය දේව ගණය
02. බෙරණ නැකත
මෙම නැකතින් උපන් ඔබ ගැනයි මේ. සැපවත් සුන්දර හා නීරෝගී සැහැල්ලු ආහාර පාන අනුභව කරනව නියතයි. කාමුක හැගීම් වැඩි පුර බලපාන නමුත් බෝහෝ විට නුවණැත්තන් ලෙස ක්‍රියා කරයි.හැබැයි මෙම නැකතින් උපන් කාන්තාවන්නම් දුෂ්ටය. චරිතය අපිරිසිදුය. නිතරම අන් අය සමග රන්ඩුවන නපුරු අයෙකි. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
03. කැති නැකත
මෙම නැකතින් උපන් ඔබ අධික මාන්නයෙන් යුතු නොයිවසන අය වෙති. හැබැයි බුද්ධිමත් කමින් උසස් සමාඡයේ ඉහළ තනතුරු හා ගරු නම්බු නාම ලැබීමට වාසනාව ඇත.
ත්‍යාගශීලීය. මෙම නැකතින් උපත ලබන කාන්තාවන්ටනම් දුර්වල ශරීරයක් හිමිය. මෙවැනි කාන්තාවන්ට සමාඡය හිතකර නොවේ.සැපින්නක් සේ නිතර නිතර කේන්තියෙන්මයි. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
04. රෙහෙණ නැකත
මෙම නැකතින් උපත ලැබූ ඔබ නිර්මල හදවතක් ඇති ක්‍රියාශීලී අයෙකි. පියකරු පෙනුමකින් යුක්තයි. හැබැයි ගෞරවය දිනා ගන්නන් වෙති. දෙමාපියන්ටත් හොදටම ආදරය කරයි. කාන්තාවක්නම් තම සවාමිපුරුෂයාට ගොඩක් ආදරයෙන් සහ භක්තියෙන් යුතුව සලකනව. අනික ආගමට දහමට ලැදියි. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
05. මුව සිරස නැකත
මෙම නැකතින් උපන් ඔබ චපල ගති ඇති ධනවත් උත්සාහවන්ත බුද්ධිමත් සාමකාමී අයවෙති. ඡ්‍යොතිෂයට ඇලුම් කරයි. කාන්තාවගේ කතා විලාශය කාගේත් දෙසවන් පිනවන සුලුය. ආත්ම ගෞරවය ප්‍රාණය මෙන් ආරක්ෂා කරයි. අවංක බව අගය කරන ඔවුන් ස්වාමිපුරුෂයාට ඉමහත් භක්තියක් ඇත. ඔබගේ ගණය දේව ගණය.
06. අද නැකත
මෙම නැකතින් උපන් ඔබ නිතර කිපෙන සුලු ගතිය දකින්නට ඇත. අති පණ්ඩිතයෙක් වගේ කතාවනම්. දේව භක්තියෙන් මුත් ඔවුන් අධික ලෙස වියදම් කිරීමට මැලි නොවේ. සෙම් පිත් වැනි රෝග පීඩාවන්‍ගෙන් පෙළීමට සිදු වේ. වැරදි ක්‍රියාවන් අවබෝධකරගෙන නිසි පරිදි කටයුතු කරයි. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
07. පුනාවස නැකත
මෙම නැකතින් උපන් අය උගතුන් බුද්ධිමතුන් ණැනවත් හා සමාඡයේ ගරු නම්බුනාම ලබන අය වෙති. ඔවුන් තමාගේ ආත්ම ගෞරවය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බැවින් හොර බොරු වංචා ආදිය පිළිකුල් කරයි. ඒවා දැඩි ලෙස හෙළා දකියි. ආගමික හා සමාඡ සේවා වැනි කටයුතුවලට බොහෝ ලැදිය. ඔබගේ ගණය දේව ගණය.
08. පුෂ නැකත
මෙම නැකතින් උපන් ඔබ මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විදීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට ඉතා කැමතිය. පියකරු රූ සපුවකින් යුක්තයි. ඡ්‍යොතිෂයට ලැදියි. උපන් වර්ෂ 13,16,19,27,64 යන වර්ෂ වල නම් තද බල අපල ඇත. ඔබගේ ගණය දේව ගණය.
09. අස්ලිය නැකත
මෙම නැකතින් උපන් ඔබ පාප ක්‍රියාවන්ට බොහෝ ලැදිකම් දක්වයි. අහංකාරකම හා කුහක කම හැම විට හිතේ දරා සිටියි. මෙම නැකතින් උපන් කාන්තාවන් කාන්තිමත් නෙත් ඇත්තියක් වෙති. යහපත් ගුණධර්ම වලින් පිරි ඇය අහිංසක ගතියෙන් යුක්ත වේ. වස්තු සම්භාරයකට හිමිකම් කියනව හැබැයි. ඔබගේ ගණය රාක්‍ෂ.
10. මා නැකත
මෙම නැකතින් උපන් ඔබ මහා වස්තු සම්පත් ලැබීමේ වාසනාව තියෙනව. හැම විටම ආත්ම ගෞරවය රැක ගන්න පරිදි ක්‍රියා කරයි. එකමතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. බොහෝ සැප විදීමට වාසනාව ඇත. උපන් වර්ෂ 5,7,10,13 වර්ෂ වලනම් රෝගාබාධවලට හේතුවක් වේ. ඔබගේ ගණය රාක්‍ෂ.
11. පුවපල් නැකත
මෙම නැකතින් උපන් ඔබ සෞභග්‍යවත් ඡීවිතයක් ගතකරයි. ඉගනීමට දක්ෂය. මෙම නැකතින් උපන් කාන්තාව යහපත් දරුවන් ලැබ විවාහ දිවිය සතුටින් ගතකරනු ලබයි. වාසනාවන්තය කෙළෙහි ගුණ දන්න අය වෙති. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
12. උත්‍රපල් නැකත
මෙම නැකතින් උපන් ඔබ ප්‍රතිපක්ති රකියි. ධන ධන්‍යවලින් ද ඔවුන්ට අඩුවක් නොවේ. කාර්යශූරය. මෙම නැකතින් උපන් කාන්තාව සියලු සැප සම්පත් උදා කරගන්නව. තම ගෘහ ඡීවිතය ආලෝකවත් කරගනී. නීරෝගී සිරුරක් හිමිය. ඥාතීන්ගේ ද සැලකිලි ලබයි. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
13. හත නැකත
මෙම නැකතින් උපන් ඔබ ඥාන සම්පන්නය. සුව පහසු දිවියක් ගතකිරීමේ වාසනා ගුණය ඇත. විද්‍යා ශාස්ත්‍රයන් හි මනා දැනුමකින් යුක්ත වේ. කාන්තාවන් ගේ අත් පා අවයවවල අමුතුම කෝමල ගතියක් ඇත. ධාර්මිකය. නෙත්වල දීප්තිමත් ගතියක් පෙනේ. ඔබගේ ගණය දේව ගණය.
14. සිත නැකත
මෙම නැකතින් උපන් ඔබ හොද රූප සම්පක්තියක් ඇත. හැම විටම සාධාරණත්වය අගය කරයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය අයග කරයි. මෙම නැකතින් උපන් කාන්තාවට වටිනා කනකර ආභරණ පළදින්න වාසනාවක් ඇත. චරිතයනම් එතරම්ම ශුභදායක නොවේ. පුරපස හා අවපස තුදුස්වක දිනවල උපත ලදනම් ශුභයි. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
15. සා නැකත
මෙම නැකතින් උපන් ඔබ සත්‍ය කතාකරන සතුරන්‍ගෙන් පවා ඡයලබන අයෙක් වෙයි. බොහෝ අය ඇසුරුකරන නිසා කා අතරත් සැලකිලි ලබයි. මෙම නැකතින් උපන් කාන්තාවන් බොහෝ වස්තු සම්භාරයකට උරුම කියයි. ආත්ම ගෞරවය ප්‍රාණය මෙන් රකී. ඔබගේ ගණය දේව ගණය.
16. වීසා නැකත
මෙම නැකතින් උපන් ඔබ බොහෝ ධාර්මිකය. සමාඡ සේවය හා සුබ සාධක වැඩ වලට හදවතින්ම උදවු කරයි. කාන්තාවක්නම් මනා රූ සපුවකට හිමිකම් කියයි. අමුතු කෝමල ගතියක් ඇත. විනයානුකූල චරිතය මැයට ආභරණයක් සේය. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
17. අනුර නැකත
මෙම නැකතින් උපන් ඔබ ඉතා නිහත මානී කාගේත් පැසසුම් ලබයි. තැම්පත් ගතිගුණ වලින් යුක්තය. කාර්යශූරය. කාන්තාවක්නම් ධන සම්පත් හිමි ඉතා වාසනාවන්තය. ඔබගේ ගණය දේව ගණය.
18. මුල නැකත
මෙම නැකතින් උපන් ඔබ හුදෙකලාවේ සිටීමට ගොඩක් කැමතිය. ඉගනීමට පුලුවන් නමුත් ඉන් ප්‍රයෝඡන ගැනීමට වාසනාවක් නැත. කඩිසරකම හා ක්‍රියා කාරීත්වය අඩුය. හැම විටම උදාසීනව කටයුතු කරයි. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
19. සුවසල නැකත
මෙම නැකතින් උපන් ඔබ බලවත් අධිෂ්ඨාන ශක්තියක් යුතු යහපත් කටයුතු කෙරෙහි යොමුවන සත්‍ය වචන නිතර කතාකරන අය වේ. පළල් ඇස්වලින් හා මනා ශරීරයකින් යුක්තය. හැබැයි තරමක අහංකාර ගතියක් ඇත. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
20. උත්‍රසල නැකත
මෙම නැකතින් උපන් ඔබ සමාඡයේ කීර්තියට පත් වේ. ප්‍රීතිමත් විනෝද කාමී දිවියක් තමයි ගතකරන්‍නෙ.ශූර වීරකම් වලින් ඡනතාව අතර ප්‍රසිද්ධ වෙයි. කාන්තාවක්නම් සිය ස්වාමිපුරුෂයාට උසස් අන්දමින් සලකයි. ලස්සන දූ දරුවන් ලැබීමටනම් වාසනාව ඇත. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
21. සුවණ නැකත
මෙම නැකතින් උපත ලබූ ඔබ දුර දිග බලා කටයුතු කරන ගුණ ගරුක අයෙක් වේ. ගුප්ත ශාස්ත්‍ර වලට මහත් ලැදිය. මෙම නැකතින් උපන් කාන්තාව නියම නාරි ලාලිත්‍යයෙන් යුත් දුටුවන් මන පිනවන ස්භාවයක් ගනී. ඥානවන්තය. චරිතයද හොදයි. ඔබගේ ගණය දේව ගණය.
22. දෙනට නැකත
මෙම නැකතින් උපන් ඔබ ඥානවන්තය. ක්‍රියාශීලීය. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තය. ආත්ම විස්වාශයෙන් යුක්ත වෙයි. නිදහස තදින්ම අගය කරන ඔවුන් පටන් ගත් වැඩක් වෙතොත් එහි අවසානය තෙක්ම කරගෙන යයි. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
23. සියාවස නැකත
මෙම නැකතින් උපන් ඔබ තමාගේ ආගම පිළිබදව මහත් භක්තියක් ඇත. අන්‍යයන් අතර ප්‍රශංසා ලබයි. ස්ථානෝචිත ප්‍රඥාවක් ඇත. කාම සම්පත් කෙරෙහි උදාසීන බවක් දක්වයි. එය පාලනය කර ගැනීමේ හැකියාව ඔවුන් සතුව ඇත. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
24. පුවපුටුප නැකත
මෙම නැකතින් උපන් ඔබ ප්‍රය මනාප ගති පැවතුම් ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගුණධර්ම වලින්ද පිරිපුන් වේ. ඥානවන්තය. ඉගනගැනීමට උන්දුවක් හා එහි සාර්තකයක් පෙනේ. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
25. උත්‍රපුපුට නැකත
මෙම නැකතින් උපන් ඔබ තම මතයම ක්‍රියා කරයි. ඉතා දර දඩුය. දුක් කරදර දරාගැනීමේ ශක්තියක් ඇත. වැඩිපුර අරපිරිමැස්ම නිසා මසුරුබවක් පෙන්නුම් කරයි. රහස් රැක ගන්නනම් හොදට පුලුවන්. ඔබගේ ගණය මනුෂ්‍ය ගණය.
26. රේවතී නැකත
මෙම නැකතින් උපන් ඔබ රූමත් ශරීරයක් හිමිවේ. ධනවත් භවභෝග සම්පත් ඇති අය වෙති. ගෞරව නීය ඡීවිතයක් ගතකරයි. කාන්තාවක්නම් ඇයගේ රූපය කාගේත් සිත් ඇදෙන සුලුය ලස්සනය. ධන ධාන්‍ය හිමිකම් කියති. ඔබගේ ගණය දේව ගණය.
27. දෙට නැකත
මෙම නැකතින් උපන් ඔබ ඉතාමත් නිහතමානී කාගේත් පැසසුම් ලබන අය වේ. තැම්පත් ගතිගුණ වලින් යුක්තය. කාර්යශූරය. කාන්තාවක්නම් ධන සම්පත් හිමි ඉතාමත් වාසනාවන්ත ඡීවිතයක් ගතකරන්ට ලැබෙන්නීය. ඔබගේ ගණය රාක්‍ෂ ගණය.
පුරාණ පොත පත ඇසුරිනි.