vitex Trigolialirn නික

රෝග රැසකට ගුණ නික ශාකය
ආයුර්වේද ‍වෙදක‍මෙහිත් පාරම්පරික ‍වෙදක‍මෙහිත් ඉතා අගනා ඔසුවක් ‍ලෙස නික ශාකය හඳුන්වයි.ශරීරගත සියලුම ‍රෝග උ‍දෙසා ‍මේ නික දළු ‍බො‍හෝ දුරට උප‍යෝගී කර ගනී. ලංකාවේ සියලුම ප්‍රදේශවල ‍මෙම පැළෑලිය ඉතා සරුවට වැ‍ඩේ. ඉන් වැඩිදුරකට හිතකර වනු‍යේ වියළි ප්‍රදේශය. නිර්ගුණ කුලයට අයත්ය.
 vitex Trigolialirn යන උද්හිත නාම‍යෙන් හඳුන්වන ‍මෙය
අගනා ඔසුවකි. පුරාණ‍යේ ගම්බද සෑම නිවසකම ‍මෙය වැට ඉන්නක් ‍ලෙස සිටුවා තිබුණි. සුදු මල් වර්ගය හා නිල් මල් වර්ගය ‍ලෙස ‍කොටස් ‍දෙකකි. ‍මේ අතර කළු නික කියා වර්ගයක්ද ති‍බේ. එහි දඩු හා රිකිළි සම්බන්ධ නැටි කළු පාටින් යුක්තය. ‍මෙම වර්ගය කළු නික නමින් හදුන්වයි. දම් පාටින් යුක්ත නික පැළෑලියද කළු නික කියා සමහරක් අය කියති. ‍මෙය ඡනයා අතර මතයකි. තව මතයක්නම්. අටි කුකුලා‍ගේ කූඩුවක් කඩා ගලා‍ගෙන යන ඡලයකට දැමූ විට සැබෑ කළු නික උඩුගම් බලා පා‍වෙතියි කියන මතයයි. එය ලග තබාගන්නා අයට ‍වෙඩි ‍නොවදින අතර දියුනු ‍වේ යන තව මතයකි. එ‍මෙන්ම තව මත ඡනයා අතර පවතී.

නික පැළෑටි‍යේ ‍කොළ දළු මල් ‍පොතු මුල් ‍ගෙඩි ආදී සෑම ‍දෙයක්ම මෟෂධයක් වශ‍යෙන්  මිනිස් ප්‍රයෝඡනයට ගනී. පැළෑටි‍යේ සෑම ‍කොටසකම ‍වේදනා නාශක කිරී‍මේ හැකියාවක් ති‍බේ. එ‍සේම ශරීර‍යේ ඉදිමුම අඩු කිරී‍මේ හැකියාවක් ති‍බේ. ග‍සෙහි එකි‍නෙක ‍කොටස්වල මෟෂධීය ගුණය විවිධ වශ‍යෙන් පවතී. තව ‍බො‍හෝ මෟෂධ ගුණ‍යෙන් යුක්ත ‍වේ.
පුරාණ ‍පොත පත ඇසුරිනි.