java data type

ඉතාමත් වැදගත් දෙයක්
 ඩේටා ටයිප් වේරියබල් එකක් තුළට කිනම් දත්ත වර්ගයක් කිනම් ප්‍රමාණයකින් ඇතුළත් කරන්නේද යන්න තීරණය කරන්නේ ඩේටා ටයිප් මඟිනි. ඩේටා ටයිප් කීපයක විස්තර මෙසේය.


ඩේටා ටයිප්          වැයවෙන ඉඩ          දත්ත පරාසය
byte                       8-bit                          -128සිට127
short                     16-bit                         -32768 සිට 32767
int                         32-bit                         -231 සිට 231 -1
long                      64-bit                         -263 සිට 226 -1
float                      32-bit                         -231  සිට 231 -1
double                  64-bit                          -263 සිට 263 -1
Boolean                1-bit                           බූලියන් අගයන්
char                       16-bit                         අකුරුහෝ ඉලක්කම්
                                                                  එකක් පමණක් භාවිතා
                                                                   කළ හැක.
string                                                        අකුරු හෝ ඉලක්කම්
                                                                  සීමාවක් නැත.

මෙම වගුවේ දක්වා ඇති ඩේටා ටයිප් අතරින් byte,short,int,long යන ඒවා පූර්ණ සංඛ්‍යා පමණක් ගබඩා කිරීම සඳහා යොදා ගත හැක. මේ අනුව මෙම ඩේටා ටයිප් යොදා සකස්කර ගත් වේරියබල් වෙත දශම සංඛ්‍යා ලබා දිය නොහැක. වගුවේ දක්වා ඇති float සහ double ඩේටා ටයිප් තුළ පූර්ණ සංඛ්‍යා මෙන්ම දශම සංඛ්‍යාද ගබඩා කළ හැක.

මින් char ඩේටා ටයිප් එකේ එක් අකුරක් ගබඩා කිරීමට වේරියබල් එක නිර්මාණය කළ හැක. string ඩේටා ටයිප් එක භාවිතයෙන් අකුරු හෝ ඉලක්කම් අවශ්‍ය තරමක් යෙදිය හැකි වේරියබල් සැකසිය හැක. මෙහි Boolean ඩේටා ටයිප් එකෙහි ගබඩා කළ හැක්කේ යම් කාරණයක් සත්‍ය හෝ අසත්‍ය කියා දැක්විය හැකි පිළිතුරු දෙකෙන් එකක් පමණි.