Seeds

ධාන්‍ය ගුණ පණ

කොල්ලු
සිරුරේ තරබාරුව නැතිකරයි. මහත අයට සෙම ගතිය වැඩි අයට වැඩිපුර දහදිය දමන අයට කොල්ලු තම්බා කෑම ද ව්‍යඤ්ඡනයක් ලෙස සකසා කෑම ද ඉතා ගුණයි. ඇදුම පීනස ගුල්ම නසයි. බලය වඩයි. 
          කඩල  
සීතලයි රත් පිත් නසයි. කුෂ්ඨ නසයි . බලය වඩයි.
                              මුං ඇට 
සැහැල්ලුයි සීතලයි සෙම් පිත් නසයි ඇසට හිතයි. සිරුර පැහැපත් කරයි.
                              උදු
බරයි උෂ්ණයි. ධාතු පෝෂණය කරයි  වාතය නසයි. බලය වඩයි.
                              මෑ ඇට
උෂ්ණයි. ශුක්‍ර වඩයි. වාතය නසයි. සෙම සමනය කරයි. ලේ මස් වඩයි.
                              තිරිගු
පිත් නසයි. ධාතු පෝෂණය කරයි. බලය වඩයි. හදවතට හිතයි.
                               මෙනේරි
රුචිය වඩයි. බඩගිනි වඩයි.
                              කුරක්කන්
දියවැඩියාවට ඉතාමත් ගුණදායකයි. සෙම් මේදස් නොවඩයි. බරයි. ධාතු පෝෂණය කරයි.
ක්‍රි.ව 1997 ආයුර්වේද පොතක් ඇසුරිනි.