මල්වර වීම

සාමාන්‍ය සිද්ධියක් වන මල්වර වීම
ඈ දැන් ලොකු ළමයෙක්. මෙවැනි වදන් ඔබ අසා ඇති. ලොකු වීම මල්වර වීම වැඩිවියට පත්වීම ළමිස්සියක් වීම යන සියල්ලෙන්ම හැදින්වෙන්නේ පළමු වරට ඔසප් වීමය.

එහෙත් මෙය මල්වර කලය ආශ්‍රිත එක් සිදුවීමක් පමණකි. මල්වරය සිදු වන නහඹු විය හෙවත් නව යෞවනය සමාන කරන්නේ ඡීවිතයේ වසන්තයට. මල්වරය සිදු වන  කාලය මල්වර සමය ලෙසට හැදින්වෙනවා. දැරියකගේ ශීඝ්‍ර වර්ධනය සිදු වන්නේ මේ අවධියෙහි දී. ඇයගේ උස මහත වැඩි වෙයි. සම දීප්තිමත් වෙයි. බොහෝ අයගේ මුහුණේ කුරුලෑ කිහිපයක් ඇති වේ. 
ලිංගික ප්‍රදේශයේ සහ කිහිල්ලේ කෙස් කිහිපයක් ඇති වෙයි. පියයුරු මදක් විශාල වී එහි පුඩුව වඩා දුඹුරු පැහැයක් ගනී. උකුල පුළුල් වෙයි. මෙම වෙනස්කම් සිදුවන අතරතුරෙහි තමා වැඩිවිය පැමිණීම (මල්වරවීම හෙවත් මුල් වරට ඔසප් වීම) සිදු වන්නේ. එසේ නම් මල්වරය යනු මල්වර සමයේ සිද්ධ වන එක් දෘශ්‍යමාන සලකුණක් පමණි.

සියලු දැරියන් මෙසේ වැඩිවිය පැමිණෙන්නේ එක ම වයසේ දී නොවේ. අප රටේ සාමාන්‍ය වශයෙන් (ගණන් බැලීම් අනුව) සැලකෙන්නේ අවුරුදු 13-14 පමණ කාලය. එහෙත් ඇකම් දැරියන් මීට වසර ගණනකට කලින් වැඩිවිය පැමිණෙනු ඔබ දැක ඇති. මෙය වසර ගණනකට පසු ව සිදු වනු ද ඔබ දැක ඇති. ඒ සියල්ල ම අසාමාන්‍ය නො වේ.

දැරියගේ පෝෂණ තත්වයත් ඇයගේ අම්මා අක්කා හෝ වෙනත් ලේ නෑයකු මල්වර වූ වයසත් (ආරය) ඡීවත් වන පරිසරයෙන් ඇති කරන නොයෙකුත් සංවේදනත් අනුව මල්වර වන වයස වෙනස් විය හැකියි. රෝගී තත්වයක් නිසා පමා වීමක් සිදු වන්නේ ඉතාමත් ම කලාතුරකින්. එයත් බිය විය යුත්තක් නො වෙයි. එහෙත් වයස අවුරුදු 17 ක් පමණ වනතුරුත් මල්වරය සිදු නොවිණි නම් වෛද්‍යවරයකු හමුවීමයි ඉතා සුදුසු. 
පොතක් ඇසුරිනි.