අනතුරු වලින් වැල‍කෙමු

අන් වාහනයක් විසින් ඔ‍බේ වාහනය පසුකර යනවිට ඔබ‍ගේ ‍වේගය වැඩි ‍නොකරන්න. පසුකර යන්නාට කඩිනමින් ගමන්කරන්නට අයින් වී ඉඩ ‍දෙන්න. පහත සදහන් ස්ථානවල දී ‍හෝ ඒවාට ළගා වී‍මේ දී අන් වාහන පසු කර ‍නොයා යුතුය. 

* තීව්‍ර ‍කෝණයක් ‍හෝ වංගුවක්
* කදු මුදුනක් ‍හෝ දුනු හැඩය ඇති පාලමක්
* මංසන්ධියක්
* පාගාමීන් මාරුවන ස්ථානයක්
* ඉස්සර ‍නොකරනු ප්‍රදේශයක්
* පදිකයන් සහ රථ වාහන ගමනාගමනය විශාල ප්‍රමාණයකින් යුත් නාගරික ප්‍රදේශයක් 
* මාර්ගය පටු ‍කොටසක්.

ඔබට ඉදිරි‍යෙන් ගමන් කරන වාහනය දකුණු පැත්තට හරවන බවට සංඥා ‍කොට ඇති විට සහ වම් පැත්‍‍තෙන් පසුකර යාම ආරක්ෂා සහිත යයි සෑ‍හෙන අවස්ථාවන්හිදී හැර නිතරම දකුණු පැත්‍‍තෙන් අ‍නෙක් වාහන පසුකර යන්න.