හස්ත රේඛා තුළින් පෙන්වන ඔබේ ආර්ථිකය මෙසේය.
(මෙම රේඛාවන් සියල්ලම අදින ලද ඒවා වේ.)
ලොව ඡනිත සෑම සත්වයකුටම උරුම හිමිකම් සේම ඇතිවීම් නැතිවීම් සියල්ල ඒ ඒ පුත්ගලයාට හිමිවන්නේ පෙර භවයේ කළ පින්පවු අනුව පතාගෙන එන්නා වූ දෛවය හේතු කොටගෙනය. මෙලොව ඡනිත සෑම පද්ගලයකුටම තමාට උරුම ඡන්ම ලාභය ඉදිරි ඡීවිතයේ පැවැත්ම දියුණුව හෝ දියුණුවේදී ඇතිවන බාධාවන් සේම අවසානයේ මෙලොව හැරයාම කෙබදුද කුමන කාලසීමාවේදී
කෙසේ සිදුවේදැයි ඒ ඒ පුද්ගලයාගේ උරුම දෛවය අනුව හස්ත රේඛා තුළින් පෙන්නුම් කරයි. මෙයින් මම අද අත්ලේ රේඛා තුළින් ඔබගේ දෛවය හා සබැදි ආර්ථිකය කෙබදුදැයි විමසා බලමු.
01. ඡන්ද්‍ර මණ්ඩලයේ සිය ශනි මණ්ඩලය දක්වා දෛව රේඛාව පිහිටයිද අන්‍ය ආධාරයෙන් ධනවත් වේ. විදේශ සම්බන්ධව මුදල් ඉපැයීමට වාසනාව පවතී. මොවුන්ට කුඩා කල කරදරයක් නොවුණොත් ධනවත් වේ. ධන යෝගයකි.
02. මැණික් කටුව අසල පිහිටි මණිබණ්ධ රේඛාවල සිට ශනි මණ්ඩලයට දෛව රේඛාව ගමන් කරයිද වරින් වර ධන ලාභ හිමිය.
03. සිකුරු මණ්ඩලයේ සිට ශනි මණ්ඩලයට දෛව රේඛාවන් පිහිටයිද උත්සාහයෙන් දියුණු වන කෙනෙකි. කිසිවෙකුටත් යටත් නැති රැකියාවක් කරයි. කලාව සම්බන්ධ රැකියා රෙදි සම්බන්ධ රැකියා කරන අයගේ මෙසේ පිහිටිය හැකිය.
04. අත්ල මධ්‍යයෙන් හෙවත් කුඡ තලාවෙන් දෛව රේඛාව ආරම්භව ශනිට ගියේද වාණිඡ කටයුතු හෝ විද්‍යාවට සම්බන්ධ රැකියා කරයි. පරිපාලන රැකියා හෝ වෛද්‍ය අංශයට සම්බන්ධ රැකියා උරුම අය විය හැකිය.
05. දෛව රේඛාව හෝ ඉන් හටගත් රේඛා බුධ මණ්ඩලයට යැයිද වෙළෙද ව්‍යාපාරවලින් දියුණුව ලැබිය හැකිය.
06. ශනි මණ්ඩලයට ගමන් කරන ලද දෛව රේඛාවේ ඉහළට කුඩා ඉරි දෛව රේඛාවේ සිට ගමන් කර ඇතිද එනම් රැකියාවේ උසස්වීම් ආර්ථික ලාභ හිමි වීමට වාසනාව පවතී.
07. ශනි මණ්ඩලයට ගමන් කරන ලද දෛව රේඛාවේ සිට පහළට කුඩා රේඛා ගමන් කර ඇතිද එනම් ආර්ථික පසුබැසීම් රැකියා පාඩු අවාසි උසස්වීම් ලැබීමට ගොස් නැතිවීම් මෙයින් පෙන්නුම් කරයි.
08. දෛව රේඛාවේ කොටුවක් පිහිටයිද විශාල ධන හානියක් සිදුවීමට ගොස් ඉන් බේරෙනු ඇත.
09. දෛව රේඛාව කුඩා ඉරි කෑලි වලින් පිහිටියේද හෝ හොදට පිහිටි දෛව රේඛාව මැදින් දෙකට කැඩී හෝ කැපී ඇතිද හොදට පැවති ආර්ථිකය එක්වරම පසුබැසීමක් සිදුවී නැවත සාර්ථක වනු ඇත. වරින් වර උස් පහත් වන ආර්ථිකයක් හිමි අයෙක් වෙයි.
10. දෛව රේඛාව මැද පුරුක දක්වා ගමන් කර ඇත්නම් මුල් කාලයේ හොද ආර්ථිකයක් තිබී ඡීවිතයේ අවසාන කාලයේ ආර්ථිකය පසුබැසීම් සහ දුක්ඛදායක ඡීවිතයක් පෙන්නුම් කරයි.
11. දෛව රේඛාවේ මුල හෝ අග ත්‍රිශූල ලක්ෂණ පිහිටයිද දියුණුවීමට ආශාව ඇති ආත්ම විශ්වාසය ඇති දීප්තිමත් අනාගතයක් හිමි කෙනෙකු විය හැකිය.