ප්‍රධාන විදුලියෙන් තනි LED යක් දල්වමු
ඔබ දන්නා පරිදි තනි LED බල්බයක් දල්වන ක්‍රම තියෙනව. ඒත් වෙසක් පෝය ලගම එන නිසා මම හිතුව ඔයාලට කියල දෙන්න ඕන කියල අඩුම වියදමකින් LED බල්බයක් ප්‍රධාන විදුලියට සම්බන්ද කරන අයුරු. මෙය සදහා ඔබට රුපියල් 5 හක්වත්
වැයවෙන් නෑ. පාට කිහිපයක් දැල්වෙන බල්බයක්ද භාවිතා කල හැක. එමෙන්ම අවශ්‍ය කරන දේවල් LED Bulb 01 , Diode IN 4007 01 , Resistor 100k 01 පමණි.
එකලස් කරන අයුරු මුලින්ම LED බල්බයේ + - සොයා ගන්න රූපයේ පරිදි. Diode එකේ + LED එකේ + නට සවිකරන්න. රූපයේ පරිදි. ඉන්පසු Resistor එක බල්බයේ - ට සවිකරන්න රූපයේ පරිදි. දැන් ප්‍රධාන විදුලිය ලබාදුන් විගස බල්බය දැල්වීමට පටන්ගනී. කරුනාකර ප්‍රධාන විදුලිය අවදානම් බැවින් වැඩිහිටි කෙනෙකු හෝ දැනුමක් ඇති අයෙකු සම්බන්ද කරගන්න. මේ ආකාරයට බල්බ වැලක් උනත් ඔබට සෙට් කරගන්න පුලුවන්. හැබැයි සෑම බල්බයකටම 100k Resistor යෙදිය යුතුයි. සෑම Resistor ටරයකම කෙලවරවල් වලට ප්‍රධාන විදුලිය ලැබෙන අයුරට සකස් කල යුතුය.